යාපනය අධ්‍යාපන කලාපයේ විශිෂ්ට සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය

PayPal Casino Sites That Accept New Players in December 2023

උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කල 2021 වර්ෂය සඳහා අ.පො.ස(උ/පෙළ) විභාගයේ විශේෂ ප්‍රතිඵල ලබාගත් යාපනය කලාපයට අයත් සිසුන්ගේ ත්‍යාග ප්‍රධාන උත්සවය 10.10.2022 වන දින පෙ.ව. 2.00 ට යාපනය හින්දු විදුහලේ සභාලිංගම් ශාලාවේදී පැවැත්වැණී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද විශේෂ ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් අධයාපන අධ්‍යක්ෂවරයාද සහභාගී විය.අනෙක් ආරාධිතයන් වුයේ යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් ගුරු උපදේශකවරුන් සිසුන් දෙමාපියන් සහ මහජනතාවද සහභාගී වුය.

සිසුන්ගේ සංගීත වාදයෙන් සහ මල්මාලා පළඳවා ආරාධිත අමුත්තන් ආරාධනා කරන ලදී.ඉන්  අනතුරුව පොල් තෙල් පහන් දෙල්වීමේ පුණ්‍යෝත්සවය සහ ආගමික වැඩසටහනක්ද පැවැත්වේ ඉන් අනතුරුව යාපනය කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන සංවර්ධන අංශයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පිළිගෙනීමේ කථාවක් පවත්වන ලද අතර යාපනය හින්දු භාලිකා විදුහලේ සිසුවියන් විසින් පිළිගැනීමේ නර්ථනයක්ද පවත්වන ලදී.

ඉන් අනතුරුව ආරාධිත අමුත්තන්ගේ කථාව සහ සිසුන්ට උපහාර ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පැවැත්විණි.ජාතික මට්ටමේ විභාගයට පෙනී සිට ජාතික සහා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රථම ස්ථාන ලබා ගත්  සිසුන් ගෞරවය කිරීමේ වැඩසටහනක්ද පැවැතූ අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබාගත් යා/කොකුව්ල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ටී.ගජලක්ෂන් සිසුවාට උපහාර කිරීමේ උත්සවයක් පැවැත්වෙණී.2021 වර්ෂයේ දී අදියර දෙකකින් පැවති මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී සිසුන් 126 දෙනෙකු ඇගැයීමට ලක් කෙරිනි.

2021 වර්ෂයේදී උතුරු පළාතේ සිසුන් 12388 ක් විභාගයට පෙනී සිටියහ.ඉන් සිසුන් 805 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ගත් අතර ඉන් සිසුන් 412 දෙනෙකු අධිවිශේෂ(3A) සමාර්ථය ලබා දී ඇත.ඒ අතරින් යාපනය කලාපයේ සිසුන් 126 දෙනෙකු විශේෂ සමාර්ථ(3A) ලබාගෙන තිබීම විශේෂත්වයකි.

 

මෙහිදී අදහස් දැක්වූ යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ “සෑම සිසුවෙක්ම රියදුරු අසුනේ වාඩිවී සිටින්නේ සමාජය ඉහල තත්වයකට ගෙන යාමේ අරමුණින්.මම ඔබ දකින්නේ සමාජයට නායකත්වය දෙන ඉදිරියට ගෙන යන කෙනෙක් ලෙසයි .සිතුවිලි පටු නොවිය යුතුයි මනසින් යුතු නමුත් උසස් තලයකට පැමිණීම සඳහා ශක්තිමත් යහපත් ආකල්පයකින් සමාජය මෙහයවීමේ මානසිකත්වය තුල සිටිය යුතුයි”ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා “සිසුන් ඉතා බුද්ධීමත් රටෙත් කලාපයත් අනාගතය තීරණය කරන ඉහළ තනතුරුවල සිටීමට මේ සිසුන්ට ඉහල අවස්ථාවක් තිබෙනවා.එක් ක්ෂේත්‍රයෙන් පමණක් නොවී සෑම ක්ෂේත්‍රවලින් සිසුන් බෙබළවිය යුතුයි.

Best NJ Online Casinos 2023 - Top NJ Online Casino List

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත  අමුත්තා ලෙස සහභාගි වූ උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා “2021 වර්ෂයේදී උතුරු පළාත ශ්‍රීලංකාවේ අධ්‍යාපනයේ තුන්වන ස්ථානය ලබා ගැනීමට ස්තුති කරන අතර මෙම කාලය තුල සිසුන් ඉංග්‍රීසි පරිගණක සහ සිංහල අමතර වශයෙන් ඉගෙනීම සුදුසුය.සිසුන් දැනුම, කුසලතා හා ආකල්ප, ලබා ගත යුතු බවත් ඒ සඳහා සමාජයේ හොඳ අවස්ථා ලැබෙන ඉගෙනුම් ක්‍රමය තෝරා ගන්නා ලෙසත් අනාගතයේ උසස් තනතුරක් දැරුවත් උතුරු පළාතේ සේවය කළ යුතු බවටත් ප්‍රධාන ලේකම්වරයා ඉල්ලීමක් කළේය.සිසුනුගේ ජීවන තත්වය උසස් කිරීමටත් අධ්‍යාපනික කටයුතු වැඩිදියුනු කරීම සඳහා අදහස් පල කරන රචනා තමන්ගේ වද්‍යුත් තැපැල වෙත එවන ලෙය පවසන ලදී.”විනය ජීවිත” බවත් විනය පාසල තුල පැවැතිය යුතු බවත් පාසල් තුලදී පමණක් නොව පවුල්වලද වැඩිහිටියන්ට ගරු කරන්න ලෙස පැවැසිය.

යාපනය කලාපයේ සැලසුම් අංශභාර නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධාර්මික මියගේ ස්තුති කථාව සමග අමුත්තන්ගේ කථා සහ සිසුන්ට උපහාර පිරිනැමීමෙන් උත්සවය සවස 5.30ට අවසන් වේ.