ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන මන්නාරමේ 50 MW ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ සුළං බල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.01.15) මන්නාරමේ කොන්නායන් නිවසේදී පැවැත්විණි.
හේලිස් ෆෙන්ටන් සහ වර්ල්ඩ් ඔෆ් හේලිස් සමූහයේ කොටසක් වන හේවින්ඩ් වන් ලිමිටඩ්, ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මෙම අවස්ථාවට බලශක්ති ගරු අමාත්‍ය කුමාර ජයකොඩි, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන්, බලශක්ති ගරු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් ඉලියාස් මුහම්මද් අහ්රාම්, සමුපකාර ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ජගතීස්වරන්, සී. තිලගනාදන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ තවත් බොහෝ නිලධාරීන් සහභාගී විය.
මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මෙගාවොට් 50 සුළං බල ව්‍යාපෘතිය රටේ ජාතික විදුලි සැපයුමට පිරිසිදු බලශක්තිය එක් කරන සහ පරිසර හිතකාමී විදුලි උත්පාදනය ප්‍රවර්ධනය කරන නියමු ව්‍යාපෘතියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය මාස 18ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරේ.








