අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අරමුදල්වල ප්‍රතිලාභය සිසුන්ගේ ජයග්‍රහණ තුළින් පිළිබිඹු විය යුතුය – ගරු ආණ්ඩුකාරතුමා

අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අරමුදල්වල ප්‍රතිලාභය සිසුන්ගේ ජයග්‍රහණ තුළින් පිළිබිඹු විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අවධාරණය කළේය.

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම අද (2026.10.15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රු. මිලියන 3,579 ක මූල්‍ය ප්‍රතිපාදන සහිතව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 1,613 ක ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.

ගුරුවරුන්ගේ දිගුකාලීන විදේශ නිවාඩු හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනයට බලපෑමක් නොවන පරිදි ආදේශක ගුරුවරුන් සංවිධානය කිරීමට සහ අවසරයකින් තොරව විදේශගත වූ ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ගරු ආණ්ඩුකාරතුමා උපදෙස් දුන්නේය.

පාසල් ආපනශාලා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම, ඉදිරි වසර සඳහා සංස්කෘතික වැඩසටහන් පෙර සැලසුම් කිරීම සහ සිසුන්ගේ අධ්‍යාපන ප්‍රගතිය වැඩිදියුණු කිරීම සඳහා විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

මෙම රැස්වීමට ආණ්ඩුකාර ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.