වැසි සමයේදී ඇනහිටින ප්‍රවාහන කටයුතුවලට ස්ථිර විසඳුමක්

වවුනියාව, ප්‍රමනාලන්කුලම්–පරප්පුකඩන්දන් මාර්ගයේ පෙරියතම්බනෙයි ප්‍රදේශයේ රුපියල් මිලියන 40.5ක වියදමින් ඉදිකරන ලද කොන්ක්‍රීට් මාර්ගය, ගංගා හරහා ජලය බැස යාම සඳහා ඉදිකළ පාලම් මාර්ගය සහ බෝක්කු පද්ධතිය ඊයේ (31.10.2026) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා විසින් මහජන පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය.

වැසි සමයේදී අදාළ මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතාවලට විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදල යටතේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මීටර් 180ක දිගින් යුත් කොන්ක්‍රීට් මාර්ගයක්, බට 30කින් සමන්විත ජල බැස යාමේ පද්ධතියක් සහ බෝක්කු දෙකක් මෙහි ඉදිකර ඇත.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ වවුනියාව දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු කේ. කෞෂිකන් මහතා, විධායක ඉංජිනේරු කේ. හතීස් මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අැතුළු වෙනත් නිලධාරීන් ද සහභාගී වූහ.