උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි.
උතුරු පළාතේ ක්‍රියාත්මක වන පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුලත ලියාපදිංචි කිරීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නියෝග කරනු ලැබීය.
මේ යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික ආයතන හිමිකරුවන් තම අධ්‍යාපන ආයතනය පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අධ්‍යාපන ආයතනය පිහිටුවා ඇති ඉඩම හා ස්ථානය පිළිබඳ විස්තර සියල්ල එළඹෙන මාර්තු මස 04 වන දිනට (2019.03.04) පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතුයි.
මේ සඳහා වූ ආකෘති අයදුම්පත්‍රය උතුරු පළාත් www.np.gov.lk නිල වෙබ් අඩවියෙන් 2019 පෙබරවාරි 05 වන දින සිට ලබා ගත හැකි අතර මේ සම්බන්ධ වැඩි විස්තර සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ 0212231343 යන දුරකථන අංකය හරහා ලබා ගත හැකිය.
එමෙන්ම උතුරු පළාතේ නගර හා නගර ආශ්‍රිතව සවිකර ඇති බැනර් සහ පුවරු (Banners, Hoarding Board) ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලබා ගැනීමේ දී ලබා දුන් අංකයද එක්කර ප්‍රදර්ශනය කළ යුතු බවත්, මෙතෙක් එම අනුමත අංක නැතිව ප්‍රදර්ශනය කර ඇති බැනර් වල එය එක්කර ගැනීමට එම බැනර් ප්‍රදර්ශනය කළ ආයතන තව දෙසතියක් ඇතුළත අදාළ කටයුතු සිදු කළ යුතු බවත් ගරු ආණ්ඩුකාරතුමා නියෝග කරනු ලැබීය.
ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලබා දුන් කාලය අවසන් වුවද මෙතෙක් ඉවත් නොකළ බැනර් අදාළ පාර්ශවය විසින් දෙසතියක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ කටයුතු සිදු කළ යුතු අතර එලෙස ඉවත් කිරීමට පියවර නොගන්නා බැනර් ඉවත් කරනු ලබන අතර අදාළ පාර්ශවයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.