ඉන්දියාවේ 75 වන ජනරජ දිනයේ සැමරුම් උත්සවයක් ඊයේ (26) දින යාපනයේ පෞද්ගලික හෝටලයක පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් පළ කර උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ,
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැඳීම දීර්ඝ හා සමීප බැඳීමක් ලෙස දකින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව විපත්වලට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම පිහිට වන පළමු මිතුරා ඉන්දියාව බවද යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම්, රැකියා උත්පාදනය, ජීවනෝපාය සංවර්ධන කටයුතු, අධ්‍යාපනික ආධාර, සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන්, විශ්වවිද්‍යාල සුබසාධන වැඩසටහන් සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවටය.
නව ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් දිවුරුම් දුන් සන්තෝෂ් ජා මහතා හමුවූ අවස්ථාවේදී විවිධ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණි බවටද ආඩුකාරතුමිය පවසා සිටියාය .
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැඳීම තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය වැඩිදුරටත් පවසා සිටියාය.
එමෙන් මිතුරු පළාත් ආණ්ඩු කරුතුමිය විසින් 75 වන ජනරජනය වෙනුවෙන් සුභ පැතීම්ද මෙහිදී එක් කොට සිටියාය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහෙකොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා පැවසුවේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ඉන්දියාව තවදුරටත් ලබාදෙන බවයි.