Balasingam Kajenderan

කාන්තාවන් සඳහා නායකත්වය ගන්නා ලෙස UNFPA උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටියි

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ පියෝ ස්මිත්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරතුමියගේ  නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්විණි. අධ්‍යක්ෂ පියෝ ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණ පවුල් සෞඛ්‍යය, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ඇතුළු කරුණු පිළිබඳව කාන්තාවන්, තරුණයන් සහ ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු […]

කාන්තාවන් සඳහා නායකත්වය ගන්නා ලෙස UNFPA උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටියි Read More »

යාපනය නව බස් නැවතුම්පළෙන් ප්‍රවාහන සේවා සැපයීම පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කරයි.

යාපනය නව බස් නැවතුම්පොළේ සිට දුර පලාත් වෙතට බස් ධාවනය කිරීමේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. ඒ උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මෙලෙස  අද (2024.03.01) දින පත් කරන ලදී. යාපනයේ සිට දුර පළාත්වලට

යාපනය නව බස් නැවතුම්පළෙන් ප්‍රවාහන සේවා සැපයීම පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කරයි. Read More »

දුරගමන් සේවාවල නිරත පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමට විසඳුම් ලබාදීමට කමිටුවක් පත් කෙරේ

යාපනයේ සිට දුරගමන් සේවාවල යෙදී සිටින පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමට නිසි විසඳුම් සෙවීම සදහා කමිටුවක් හෙට (01) දින  පත් කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය. ගරු ආණ්ඩුකාරතුමිය මේ බව පවසා සිටියේ අද (2024.02.29) සවස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමඟ පැවති

දුරගමන් සේවාවල නිරත පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමට විසඳුම් ලබාදීමට කමිටුවක් පත් කෙරේ Read More »

යාපනයේ නව ඉන්දීය නියෝජ්‍ය තානාපතිවරයා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි. පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවටද සහතිකයක්

යාපනයේ නව ඉන්දීය නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතා, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වී සාකච්ඡාවක නිරත විය.‍ මෙම හමුව අද (2024.02.28) උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ ජනතා අවශ්‍යතා ඇතුළු කරුණු රැසක් පිළිබඳව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමි විසින් ඉන්දීය නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කරන ලදී.

යාපනයේ නව ඉන්දීය නියෝජ්‍ය තානාපතිවරයා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි. පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවටද සහතිකයක් Read More »

යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ගරු ආණ්ඩුකාර කාර්ය සාධක බලකායෙන් පියවර.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්. චාල්ස් මහත්මියගේ උපදෙස් මත හා නිර්දේශයකට අනුව යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ගරු ආණ්ඩුකාරතුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අබයම් ඒකකය මඟින් පාසල් විදුහල්පතිවරයාට සහ ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන් වෙතට උපදෙස් දී ඇත. නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ, පහරකෑමට ලක්වූ

යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ගරු ආණ්ඩුකාර කාර්ය සාධක බලකායෙන් පියවර. Read More »

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනය, මනිපායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේදී පුහුණු හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සඳහා සහතික පත්‍ර සහ නිල ඇඳුම් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාස හයක NVQ සහතිකය සහ තෙවසරක හෙද පුහුණු සහතික පත්‍ර ගරු ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී පිළිගැන්වීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පවත්වූ අතර ඒහිදී ගරු ආණ්ඩුකාර

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් වඩමාරච්චියේදී පැවැත්විණි.උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුහද ජන හමුවක් පැවැත්විණි. වඩමාරච්චි කලාපයේ අතුරු මාර්ගවල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරන ලදී. මීට අමතරව ක්‍රීඩා පිටි සං සංවර්ධනය නොවීම, වීධිවලට විදුලි

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’

කියවීමේ මාසය නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “පේඩකම්” එළිදැක්වීමේ උත්සවයක්  වඩමාරච්චි දකුණ බටහිර ප්‍රාදේශීය සභාවේදී පැවත්වුණි. උතුසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී වූවාය. මෙම උත්සවයේදී ඒලිදක්වන ලද ග්‍රන්තය ගරු ආණ්ඩුකාරතුමිය  අතින් එළිදැක්වූ අතර ඒහිදී රැස්ව සිටි පිරිස් අමතා විශේෂ දේශනයක් ද පවත්වන ලදී. ගරු ආණ්ඩුකාරතුමිය මෙහිදී

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’ Read More »

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී

උතුරු පලාතේ ජනතාව මුහුණදෙන ගැටලු හා අවශ්‍යතා හදුනාගෙන ඒ් සදහා විසදුම් ලබාදීමේ අරමුණින් උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන තවත් ජනහමුවක් නාගදීප ප්‍රදේශයේදී 20 වනදා පැවත්වුනි. යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකෙන නාගදීප බලප්‍රදේශයේ පවුල් 1000 කට ආසන්න ප්‍රමාණක් සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වෙයි. නාගදීප උතුර , නාගදීප දකුණ සහ

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී Read More »

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි.

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමළුව හෙට (21) සිට 26 වනදා දක්වා ත්‍රීකුණාමලයේදී පැවත්වීමට නියමිතයි. මෙම සමුළුව සදහා යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක් නියෝජනය කරමින් දරු දැරියන් 253ක් සහභාගී වීමට නියමිතය. මෙම බාලදක්ෂයන් සදහා සුභපැතුම් එක් කිරීමත් ඔවුන් සදහා ද්‍රව්‍යමය ආධාර සංකේතවත්ව ප්‍රධානය කිරීමත් ගරු උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.ඒස්.එම්. චාලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20)

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි. Read More »