උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් යාපනය අමාත්‍ය මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව
යාපනය, පේදුරු තුඩුව පාරේ චත්තනාතර් කෝවිල අසල පිහිටි පැරණි අමාත්‍ය මන්දිරය (මන්ත්‍රී මනෙයි) ප්‍රතිසංස්කරණයට අදාළ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ නිලධාරීන්, යාපනය මහනගර සභා කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය. යාපනය රාජ්‍ය […]