April 2024

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය

රජයේ සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය ආරම්භ කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහන ලබන මැයි මස 01 වැනිදා සිට යාපනය නගරයේ නව බස් නැවතුම්පොළෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. […]

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය Read More »

වාණිජ මට්ටමේ රතු කෙසෙල් වගාව පිළිබඳ ක්ෂේත්‍ර දිනය

‘වාණිජ මට්ටමේ රතු කෙසෙල් වගාව’ යන තේමාව යටතේ ක්ෂේත්‍ර දිනයක් 2024.04.03 දින පෙ.ව.9.30ට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අන්බුපුර පාරේ මුලංගාවිල් ප්‍රදේශයේ පිහිටි තම්පිපිල්ලේ ශේඛර් මහතාගේ GAP සහතික කළ ගොවිපළේදී පැවැත්විණි. මහානන්දන් මහිලාන් (කෘෂිකර්ම උපදේශක) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුකන්තිනී සෙන්දිල්කුමාරන් මහත්මිය (උතුරු පළාත පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ) සහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම නිලධාරිනී ජගතීස්වරී

වාණිජ මට්ටමේ රතු කෙසෙල් වගාව පිළිබඳ ක්ෂේත්‍ර දිනය Read More »

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය

පළාත් විශේෂිත සංවර්ධන ප්‍රදානය – 2023 (PSDG) යටතේ කලාපයේ කහ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ කහ බෙදා දෙන ලදී. එබැවින් පෙරියමඩු නැගෙනහිර ගම්මානයේ පෙරියමඩු කෘෂිකර්ම උපදේශක සී.බසීලන් මහතාගේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ ගොවි එස්.එම්. ෂියාන් විසින් කහ ලබාගෙන වගා කරන ලදී. ස්ථාපිත කහ මාස 7 ක කාලයෙන් පසු අස්වැන්න සඳහා සූදානම් වේ. එබැවින්, කහ වගාවේ

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය Read More »

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024

ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 උතුරු පළාතේ පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මාර්තු 14 වන දින උඩුවිල් මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාවේදී සමරන ලදී. කාන්තා සෞඛ්‍යය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්පන්න පාරම්පරික ආහාර රටාවන් පදනම් කර ගනිමින් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. විශ්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියන් සහ පෙර පාසල් ගුරුවරියන් මෙහිදී උපහාර දැක්වූ අතර

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 Read More »

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර

පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව 2024 මාර්තු 16 වැනි දින පෙරවරු 8.00 සිට ප.ව 4.00 දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ ‘සැමට සිද්ධ වෙදකම’ යන තේමාව යටතේ නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. ගරු. ඉන්දීය කොන්සල් ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, උතුරු පළාතේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්,

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර Read More »

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා.

 මාසයක පමණ කාලයක් නිරාහාරව සිටින මුස්ලිම් සහෝදරයෝ ශුද්ධ වූ ෂව්වාල් මාසයේ අඩ සඳ පායන විට ඊදුල් ෆිතර් උත්සවය සමරති.  මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් සහෝදරයින්ට  සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි. නිරාහාරව සිටීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන රාජකාරි පහෙන් එකකි.  මෙම කාල සීමාව තුළ නිරාහාරව සිටීම කුසගින්නෙන් හා පිපාසයෙන් පමණක් නොව, තමා තුළම භක්තිය ඇති

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා. Read More »

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

මුලතිව් පුදුකුඩිරිප්පු සංවර්ධන සභාව සහ පුදුකුඩිරිපු ලන්ඩන් ශාඛාව එක්ව ඊයේ (06/04/2024) පුදුකුඩිඉරිප්පු සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.  පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණ ජුබිලි ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියයි. මෙහිදී  උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පරිපාලනමය වශයෙන් සහ ජනතා අවශ්‍යතා සම්බන්ධ විවිධ ගැටලු පවතින බවත්,

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම මේ වසරේ අවසන් කරන බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2024/04/06 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී විශේෂ උත්සවයක් සහ ක්‍රිකට් තරගයක් සංවිධානය කෙරුණි. ගරු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද සමඟින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත් මියද මෙම අවස්ථාවට එක් විය. මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ

උතුරේ වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම මේ වසරේ අවසන් කරන බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

සිසුන්ට පහරදී හිරිහැර කිරීමට ගුරුවරුන්ට කිසිවිටේකත් ඉඩ දිය නොහැකියි – උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගෙන් නිවේදනයක්

අධ්‍යාපනය ලබා දෙමින්  සිසු දරු දැරියන් පොහොසත් කළ යුතු  ගුරුවරුන් සිසුන්ට පහර දී අපයෝජනය කර රෝහල්වලට ඇතුළත් කිරීමේ සිදුවීම් මෑත කාලයේ වැඩි විය.  පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් මෙලෙස ක්‍රියා කළ ගුරුවරුන් පිළිබඳව විමර්ශනය කර පසුව ඔවුන් සේවයෙන් පහ කර ඇත. ඊයේ වාර්තා වූ සිද්ධීන් තුන සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස්

සිසුන්ට පහරදී හිරිහැර කිරීමට ගුරුවරුන්ට කිසිවිටේකත් ඉඩ දිය නොහැකියි – උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගෙන් නිවේදනයක් Read More »

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නොමිලේ නිවාස වැඩසටහන පිළිබඳව ප්‍රතිලාභන් පෞද්ගලිකව මුණගැසී පැහැදිලි කිරීමක් අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි. .  ගරු ආණ්ඩුකාර තුමිය මේ බව පැවසුවේ 2024/04/03 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී නොමිලේ නිවාස යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.  වහලය මත සූර්ය පැනල යොදා ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම නිවාස

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »