ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති H E Khaled Nasser Sulaiman Al Ameri මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර හමුවක් පැවැත්වුණි . මෙම රැස්වීම 2024.03.01 දින සවස යාපනයේදී පැවැත්විණි.

මෙම හමුවේදී උතුරු පළාතේ සිදු කළ හැකි නව ආයෝජන පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. මීට අමතරව, කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ අභියෝග, දේශගුණික විපර්යාසවල බලපෑම් සහ උතුරු පළාතේ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් සාකච්ඡා කරන ලදී.

එමෙන්ම උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින්ද උතුරේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ තානාපතිවරයා දැනුවත් කරන ලද.