ආණ්ඩුකාරවර “මහජන දිනය” හෙට කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

2019 ජනවාරි 22 වන දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.
උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල මෙහෙයුම් සියල්ල ආණ්ඩුකාරතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ගරු ආණ්ඩුකාරතුමන් කාර්යාල නිලධාරීන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඔවුනට උපදෙස්ද ලබා දුන්නේය.
එමෙන්ම 2019 ජනවාරි 23 වන බදාදා දින ආණ්ඩුකාර කාර්යාලයේ පැවැත්වීමට නියමිත මහජන දිනය ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු කරන මෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.