තල් සහ පොල් සම්පත් සංවර්ධන සමූපකාර සමිතිවල සාමාජිකයන්ට ඇතැම් ක්ෂේත්රවල අසාධාරණ ලෙස කටයුතු කරන නිලධාරීන්ගෙන් සිදුවන බලපෑම් ඉවත් කිරීම සඳහා වන පියවර ආරම්භ කර ඇති බවත්, ඉතා ඉක්මනින් ඔවුන්ට හිමි විසඳුම ලබා දෙන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය.
“තල් සම්පත තිරසාර දිවියේ ශක්තියයි” යන තේමාව යටතේ, උතුරු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් තල් සහ පොල් සම්පත් සංවර්ධන සමූපකාර ආයතන එක්ව සංවිධානය කළ තල් ආශ්රිත නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය පසුගිය 2026.07.22 දින සිට ‘තාල වාරම් – 2026’ යන නමින් යාපනය, නල්ලූර් සංගිලියන් උද්‍යානයේදී පැවැත්විණි. එහි අවසන් දින උත්සවය අද (2026.07.26) ඉරිදා දින පැවැත්විණි.
මෙම උත්සවයේ මුලසුන දෙසුම පැවැත්වූ උතුරු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් අගල්යා සෙගරාජා මෙනෙවිය සඳහන් කළේ, මෙම ප්‍රදර්ශනයේ අලෙවිය තුළින් රුපියල් මිලියන 2.4 ක ආදායමක් ලැබී ඇති බවයි. තවද, දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර, විශේෂයෙන් පිට පළාත්වලින් පැමිණි පිරිස් ද විශාල වශයෙන් සහභාගී වී සිය සහයෝගය ලබා දුන් බව ඇය පෙන්වා දුන්නාය.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:”අප ජලය දමා නඩත්තු නොකළද අපගේ ප්‍රදේශවල ඉබේ වැවෙන ස්වභාවය තල් ගසටම උරුම වූ විශේෂ ලක්ෂණයකි. එම තල් ගසේ සම්පත් අප උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. වර්තමානය වන විට බොහෝ සම්පත් උපරිම මට්ටමින් භාවිතා කරන තත්ත්වයට අප උසස් වී සිටිමු.
ප්‍රදර්ශනය නරඹන විට, වර්තමාන කාලයට සහ අලෙවිකරණයට ගැලපෙන පරිදි නවෝත්පාදනයෙන් සිතා, බොහෝ නව නිෂ්පාදන නිර්මාණය කර ඇති අතර, ඒවා ආකර්ෂණීය ලෙස ප්‍රදර්ශනය කරද ඇත. මෙය ඉතා අගය කළ යුතු කරුණකි.
අපගේ ආර්ථිකයේ කොඳුනාරටිය වන තල් ගස් විවිධ හේතූන් නිසා වර්තමානයේ අඩුවෙමින් පවතී. එම නිසා අප තල් ඇට සිටුවීමේ අනුපාතය විශාල වශයෙන් වැඩි කළ යුතුය. විදේශයන් වෙත අපගේ තල් නිෂ්පාදන අපනයනය කිරීම වැඩිවෙමින් පවතී. මෙහි සිටින අපනයනකරුවන් හරහා බොහෝ භාණ්ඩ අපනයනය කෙරේ. රට තුළට ඩොලර් ගෙන ඒමේදී වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ මෙම සමූපකාර සමිති වේ.
සමූපකාර සමිති අතරින් ඉතා විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වන සමිති ලෙස තල් සහ පොල් සම්පත් සමූපකාර සමිති හැඳින්වීම මගේ සිරිතයි. ඔවුන් තම සාමාජිකයන්ගේ සුභසාධනය කෙරෙහි ද දැඩි සැලකිල්ලක් දක්වමින් ඉතා හොඳින් කටයුතු කරයි. එබැවින් ඔබට සිදුවන බාධා ඉවත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඉතා ඉක්මනින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.”
මෙම උත්සවය සඳහා මුලතිව් දිස්ත්‍රික් අතිරේක අතිරේක දිසාපති (ඉඩම්) සී. ජයකාන්තන්, උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්යක්ෂ එස්. ක්රිෂ්ණේන්ද්රන්, යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ අලෙවිකරණ අධ්‍යයනාංශ ප්‍රධානී සිවේසන් සිවානන්දමූර්ති යන මහත්වරුන් විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ.
තවද, සමූපකාර සකාර කොමසාරිස්වරුන්, සමූපකාර සංවර්ධන නිලධාරීන්, සමිති සහ සමාගම්වල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරීවරුන්, කාර්ය මණ්ඩලය, සාමාජිකයින් සහ තරගවලින් ජයග්‍රහණය කළ සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




