පැරණි දේ ඉවත දමා අලුත් දේ හඳුන්වා දීම ස්වාභාවික වුවත්, අපට අපගේ අනන්‍ය ලක්ෂණ අත්හැරිය නොහැක. – ගරු ආණ්ඩුකාර

අපගේ අනන්‍ය සංස්කෘතිය සහ සම්ප්‍රදාය ඊළඟ පරම්පරාවට භාර දීම සඳහා එවැනි සංස්කෘතික උත්සව අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය.

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් සංස්කෘතික සභාව එක්ව සංවිධානය කරන ලද සංස්කෘතික උත්සවය අද, සිකුරාදා (2025.10.24) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් සංස්කෘතික සභාවෙ සභාපති එස්. මුරලිදරන් මහතාගෙ ප්‍රධානත්වයෙන්, ඉරණමඩු නෙළුම් පොකුණ ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගරු ධීවර අමාත්‍ය සහ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නාගලිංගම් වේදනායකන් මහතා යන මහත්වරුන් සහභාගී වූ අතර, කනකාම්බිගයි කෝවිලේ නමස්කාරයෙන් පසු ඉරණමඩු හන්දියේ සිට සංස්කෘතික පෙරහැරකින් උත්සව ශාලාවට ඔවුන් කැඳවාගෙන යන ලදී.

උත්සවයේදී කතා කරමින් ගරු ආණ්ඩුකාරතුමා පැවසුවේ දෙමළ ජනතාවට අනන්‍ය සංස්කෘතියක් ඇති බවයි. ආගන්තුක සත්කාරය දෙමළ ජනතාවගේ අනන්‍ය සංස්කෘතියකි. අද අපි බොහෝ දේ අමතක කරමින් සිටිමු. පැරණි දේ ඉවත දමා අලුත් දේ හඳුන්වා දීම ස්වාභාවික වුවත්, අපට අපගේ අනන්‍ය ලක්ෂණ අත්හැරිය නොහැක. එය ඊළඟ පරම්පරාවට ලබා දීම අප සෑම කෙනෙකුගේම වගකීමකි.

අද සංස්කෘතික උළෙලේ ළමා විශෙෂාංග විශිෂ්ටයෙන් සිදුවිය. ඔවුන් නිසැකවම අගය කළ යුතුය. කලාකරුවන්ට ද ගෞරවය හිමි විය. එය ඔවුන් තවදුරටත් දිරිමත් කරන අතර කලාව සඳහා ඔවුන්ගේ කාර්යයට ගෞරව කරන බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවේදී තමිළමුදම්. සංවිධානය විසින් දෙමළ නම් 46,000 ක් අඩංගු පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර, කලාකරුවන්ගේ සහ අාගමික ස්ථානවල ඉතිහාසය ඇතුළත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවියක් ද එළිදැක්වීම විශේෂත්වයකි.