අන්නයි හෝල්ඩිංස් සමාගමේ විවෘතකිරීමේ උත්සවය පැවැත්විණි.

නාවට්කුලි හි පිහිටුවන ලද නවීන මුහුදු ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් වන අන්නයි හෝල්ඩිංස් සමාගමේ විවෘතකිරීමේ උත්සවය අද (2025.09.03) උදෑසන පැවැත්විණි.

මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් යන මහත්වරුන් සහභාගී වූ අතර, ඔවුන් නාම පුවරුව නිරාවරණය කර ආයතනය විවෘත කළහ.ඊට අමතරව ආණ්ඩුකාරවරයා සහ අනෙකුත් අමුත්තන් ආයතනයේ ක්‍රියාකාරකම් නැරඹීමට ද එක්විය.

ජලජ හා සමුද්‍ර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත, යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රදීපන්, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන්, යාපනය දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අකිලන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.