කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පිරිසක් ගරු ආණ්ඩුකාරවරතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. අන්නාරාසා මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පිරිසක් අද සඳුදා (2025.08.18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරඑතුමා එන්. වේදනායකන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.*

ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් සභාපතිවරයා ඉල්ලීම් ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් පෙත්සමක් ද ගරු ආණ්ඩුකාරවරතුමා වෙත භාර දෙන ලදී.