මුහුදු කූඩැල්ලා නිෂ්පාදනය වැඩි කිරීම පමණක් අපගේ ඉලක්කය කොටගෙන ක්‍රියාත්මක වුවහොත් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලට ඉඩ ලබාදුන්හොත්, මුහුදු පරිසර පද්ධතියේ සමතුලිතතාවය විනාශ වේ. අපගේ පරිසර පද්ධතිය තිරසාර හා අඛණ්ඩව පවතින ආකාරයෙන් අප ක්‍රියා කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය.
සිනමන් ග්ලෝබල් ආයතනය සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන ලද මුහුදු කූඩැල්ලා නිෂ්පාදනය පිළිබඳ සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (2025.07.26) උදෑසන ‘නෝර්ත් ගේට්’ හෝටලයේදී පැවැත්විණි.
මෙහි ආරම්භක කතාව පැවැත්වූ ආණ්ඩුකාරතුමා,
යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මා කටයුතු කළ කාලය තුළ, වඩමරච්චි නැගෙනහිර මුහුදු තීරයේ වෙනත් දිස්ත්‍රික්කවල පුද්ගලයින් මුහුදු කූඩැල්ලා අල්ලන බවට බොහෝ දෙනෙක් පැමිණිලි කළහ. ඒ කාලයේදී නාවික හමුදාව හරහා ඔවුන් පාලනය කිරීමට පියවර ගන්නා ලදී. අපේ ධීවරයින්ට එය කළ නොහැකි වූයේ මන්ද යන ප්‍රශ්නය ද මතු විය. මෙම තත්ත්වය පසුගිය වසර 5 තුළ මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. එසේ වුවද, දුගී ජනතාවට මෙම වෘත්තියේ නියැලීමට නොහැකි වීමේ අවාසනාවන්ත තත්ත්වය තවමත් පවතී.
පසුගිය කාලයේදී අපේ රටට ආයෝජකයින් පැමිණීම පසුබෑමකට ලක්ව තිබුණි. ඒකට විවිධ හේතු කිහිපයක් තිබුණේය. අද එම තත්ත්වය වෙනස් වී ඇත. කෙසේ වෙතත්, දැනටමත් මෙහි සිටින දේශීය ආයෝජකයින්ට ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නොවේ. එය වෙනස් කිරීමට අප උත්සාහ කරමින් සිටින්නෙමු.
පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ අපනයන විශේෂයෙන් උතුරෙන් මුහුදු කූඩැල්ලා අපනයන දෙගුණ වී ඇත. නමුත් අපි ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කර තිරසාර භාවය නොසලකා හැරියහොත්, අප ගොඩනැගීමට උත්සාහ කරන කර්මාන්තයම හානි විය හැකියි.
ඉන්දියාවේ සිදුවූ දේ අප විසින් සැලකිල්ලෙන් නිරීක්ෂණය කළ යුතුය. වනජීවි සංරක්ෂණ ආඥාපනත යටතේ, කොටින් සහ ඇතුන් මෙන්ම මුහුදු කූඩැල්ලා සඳහාද සමාන මට්ටමේ ආරක්ෂාව ලබා දී ඇත. එහිදී මුහුදු කූඩැල්ලා අස්වැන්න ලබා ගැනීම නීති විරෝධී ය.
ඒ සමඟම, අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ, විශේෂයෙන් උතුරේ නීති විරෝධී ධීවර කටයුතු කිහිපයක් ද මතු වී තිබේ. විවිධ හේතූන් මත අපගේ වෙරළ තීරයන් දඩයම් කරනු ලැබේ. අපගේ වෙරළ තීරයන් නීති විරෝධී වෙළඳාම සඳහා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ දරමින් පවතී. අපගේ සම්පත්, අපගේ ප්‍රජාව, ජාත්‍යන්තර කීර්ති නාමයට කැළලක් ඇති නොකළ යුතුය.
අප දැනටමත් නිවැරදි මාර්ගයේ ගමන් කළත්, මෙම කර්මාන්තය නිසි ලෙස නියාමනය නොකළහොත්, අතීතයේ සිදු වූ වැරදි නැවත සිදු වීමේ අවදානමක් පවතී. එම නිසාම අවම නීතිමය රාමුවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
අපි මුහුදු කූඩැල්ලා අධික ලෙස අස්වැන්න නෙළා ගත්තොත් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලට ඉඩ දුන්නොත්, සාගර පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා කරන්නෙමු. එය පාලනය කිරීම සඳහා යෝජනා කිහිපයක් මම මෙහිදී ඉදිරිපත් කරමි.
අපගේ මුහුදුබඩ ප්‍රදේශවල සමහර කොටස් ආරක්ෂිත සමුද්‍ර කලාප ලෙස නම් කළ යුතුයි. එම ප්‍රදේශවල මසුන් ඇල්ලීම ඇතුළු ඕනෑම ක්‍රියාකාරකමක් තහනම් කළ යුතුය. මෙම කලාප සමුද්‍ර ජෛව විවිධත්වය ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වනු ඇත. ඒවා පරිසර සංචාරක ව්‍යාපාරය සහ ජලජ සංචාරක ව්‍යාපාරය සඳහා සුන්දර මධ්‍යස්ථාන බවට පත්විය හැකිය. මෙය දේශීය ප්‍රජාවන්ට නව ආදායම් මාර්ග ගෙන ඒමට සමත් වනු ඇත.
නිවැරදි පාරිසරික දත්ත භාවිතා කරමින්, තිරසාර මුහුදු කූඩැල්ලා ගොවිපල පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන සහ අනුමත නොකළ යුතු කලාප හඳුනා ගත යුතුය.
නීති විරෝධී මුහුදු කූඩැල්ලා වගාව සහ වෙළඳාම නැවැත්වීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, රේගුව සහ ප්‍රජා නායකයින් ඇතුළත් ඒකාබද්ධ කමිටුවක් එක්ව කටයුතු කළ යුතුය.
ඒ සමඟම, විශ්වවිද්‍යාල, තාක්ෂණික විශේෂඥයින් සහ කර්මාන්ත ප්‍රමුඛයින්ගේ සහාය ඇතිව උතුරේ සාගර ජලජීවී වගා පර්යේෂණ සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතුය.
මෙමගින්, අපට මුහුදු කූඩැල්ලා පැටවුන් ඇති කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ රෝග අවම කිරීම, වඩා හොඳ ආහාර සහ ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන සංවර්ධනය කිරීම, ගොවිපල නවීකරණය කිරීම සහ අධීක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම, තිරසාර ජලජීවී වගාව පිළිබඳ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම, සහ ගොවීන්ට අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා සැපයීම යන ක්‍රියාමාර්ග ගත හැකිය.
මීට අමතරව, අපගේ මුහුදු කූඩැල්ලා ගොවීන්ට විදේශ වෙළඳපොළට සෘජුවම අලෙවි කළ හැකි වන පරිදි ජාත්‍යන්තර සහතික හඳුන්වා දිය යුතුය. අපගේ පළාතෙන් මුහුදු කූඩැල්ලා අපනයනය කිරීම පමණක් නොව, මුහුදු කූඩැල්ලා සඳහා වෙනම ‘වෙළඳ නාමයක් (Brand)නිර්මාණය කළ යුතුය.
ඉදිරි වසර 5 තුළ උතුරු පළාත සදාචාරාත්මක මුහුදු ආහාර ගොවිතැනේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙන වෙනබව ආණ්ඩුකාරවරයා තම අදහස් දැක්වීමේදී අවධාරණය කළේය.