Balasingam Kajenderan

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට යෝජිත  සත්‍ය,  සමගිය සහ සංහිඳියාව සඳහා වූ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාර්ල්ස් මහත්මිය, කොළඹදී  ඊයේ  2023. 12. 09 හමුවී සාකච්ඡා කළහ. යෝජිත ස්වාධීන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්  Dr. අසංග ගුණවංශ, අතුරු ලේකම් කාර්යාලයේ ප්රතිපත්ති අංශ ප්ර්ධානී Dr. යූවී තංගරාජා, අතුරු ලේකම් […]

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ. Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි.

උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවට වත්මන් ගරු ජනාධිපති උපදේශකයෙකු වන එරික් සෝල්හයිම් මහතා පැවසීය. එරික් සෝල්හයිම් මහතා මේ බව පවසා සිටියේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරේ සංවර්ධනය පිලිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවේදී උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් තොරතුරු පෙන්වා දුන් අතර සංවර්ධන

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි. Read More »

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන ඊයේ (18) දින කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය. උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල ලක්ෂයක් වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. පොල් සංවර්ධන

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ Read More »

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

දරුවන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කරමින් මානව සම්පතේ සහපැවත්ම සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා සෘජු මැදිහත්වීමක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ පූර්ණ සහය ඉදිරියට ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ ළමාඅරමුදලේ ශ්‍රීලංකා නේවාසික නියෝජිත ක්‍රිෂ්ටියන් ස්කූග් (Christian Skoog)  මහතා පැවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වර්ථමානයේ උතුරු පලාතේ පවත්නා දරුවන්ගේ

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක

උතුරු පළාතේ ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සහ උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩසටහන් රැසක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අතර ඒ අතර ස්ථිර නිවාස 25,000ක් උතුරු පළාතේ ඉදිකිරීම සහ සූර්ය බලශක්තිය මගින් විදුලි බලය නිපදවීම ඇතුලු ව්‍යාපෘති ගණනාවක මූලික කටයුතු මේ

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක Read More »

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි

දුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්රධානය කිරීම අද  (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ. උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්යට ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු වැඩසටහනකදී නව විදුහල්පතිවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රධානය කෙරිණ. උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් නව විදුහල්පතිවරුන් පත්කොට තිබිණ. නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන් වන බව උතුරු පළාත් අධ්යාපන අමාත්යාංශය පවසයි.        

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි Read More »

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

එකම ගමක් එකම රටක් සංකල්පය යටතේ දිස්ත්‍රීක්ක වශයෙන් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව 17 වන සාකච්ඡාව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යලයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවත්වුණි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , රාජ්‍ය අමාත්‍ය වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ද උතුරු පලාත්සභා ලේකම් වරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් Read More »

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධීව ක්‍රියාත්මක වන වැලි ජාවාරම් හා වනරක්ෂිත ඉඩම් නීතිවිරෝධීව එලි පෙහෙලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්වීමටත් එම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කොට සැකකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්න පියවර ගන්නා ලෙසට අද පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලදි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සහ

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර Read More »

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 22 දා මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය. ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක්  බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලදි. ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය”  ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. දීර්ඝකාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය. පුත්තලම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා වෙත සහ පුත්තලම දිස්ත්‍රික් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණ පිළිගැන්විණි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. මෙම අවස්ථාවට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්,  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.    

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි Read More »

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

උතුරු පලාතේ අබාධිත ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සහය ලබාදෙන බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. යුද්දය හා ස්වභාවික හේතූන් මත උතුරු පලාතේ විශාල ආබාධිත ජනතාවක් වව්නියාව, මන්නාර, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි ජීවත්ව සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් හඳුනාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලු ඊට අනුබද්ධිත රජයේ

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි. Read More »