රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව UNDP සංවිධානය වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය දැනුම් දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන සමුපකාර සංවර්ධන ඒකකයේ ප්‍රධාන නිලධාරිනී ලින්ඩා එරික් මහත්මිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම හමුව අද (2024.03.14) යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර රටවල සහයෝගිතාව සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අවශ්‍ය […]