ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර හමුවක්

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (20) දින පැවත්වුණි.

මෙම හමුවීම කොළඹ පිහිටි ඉන්දිය මන්දිරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ සිදු කෙරෙන සංහිඳියා කටයුතු මෙන්ම රජය විසින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

ඒමෙන්ම උතුරු පලාතේ සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කල ඉන්දීය මහකොමසාරිස් වරයා පවසා සිටියේ උතුරු පළාතු තුල සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඉදිරියටද පූර්ණ සහය ලබාදෙන බවටය.