ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්.චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් ඇතුළු පිරිසක් අතර අද (26/06/2024) සාකච්ඡාවක් පැවැත්විණි. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.
නැවත පදිංචි කිරීම්, ඉඩම් නිදහස් කිරීම, ව්‍යාපාරික අවස්ථා, ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.
බිම් බෝම්බ ඉවත්කිරීම අවසන් කර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කර ඇති බැවින් නැවත පදිංචි කිරීමට අවශ්‍ය වන්නේ පවුල් 1500ක් පමණක් බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය .ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉඩම් නිදහස් කිරීම සිදුකරන අතර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා “උරුමය” ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. විදේශගත උතුරු පළාතට අයත් පුද්ගලයන් මෙරටට පැමිණ තම ඉඩම් ඇපකර ලබා ගත යුතු බවද ඇය තවදුරටත් පැහැදිලි කළාය.
එමෙන්ම උතුරු පළාතේ තරුණ තරුණියන්ට සුදුසුකම් මත රැකියා ලබාදීමට පියවර ගෙන ඇති බවත් සංචාරක ක්ෂේත්රය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. උතුරු පළාත සඳහා ප්‍රවාහන සේවය පුළුල් කළ යුතු බවත් අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය මෙම අවස්ථාවේදී සඳහන් කළාය.