උතුෙර් තරුණ තරුණියන්ට

සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාෙපාෙරාත්තු වන උතුරු පළාතේ තරුණ තරුණියන් දිරිගැන්වීම සඳහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් සංගීත තරඟයක් පැවැත්වීමට සංවිධානය කර අැත. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය ෙකෙරන ෙමම තරගාවලිය පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව සිදු ෙකෙෙර්.

සම්භාව්‍ය සංගීතය, තනු හා ජන ගී ඇතුළත් දෙමළ සංස්කෘතිය පදනම් කරගෙන තරගය පැවැත්වීමට බලාෙපාෙරාත්තු වන අතර වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට තරඟය විවෘතය.

තරඟයට සහභාගී වීමට කැමති තරගකරුවන් 2019 සැප්තැම්බර් 12 දිනට පෙර නිසි පරිදි පුරවන ලද තම අයදුම්පත “වොයිස් ඔෆ් නෝර්ත්”, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, උතුරු පළාත, චුන්දිකුලි, යාපනය යන ලිපිනයට යැවිය යුතුය. එ් සදහා වන අයදුම්පත ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් සහ උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk ) ලබා ගත හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංකය: 021 221 9375, ෆැක්ස් අංකය: 021 221 9374 හා pronpgovernor@gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් විමසන්න.

Click here to download the application form

– NP Governor’s Media.