උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් පළාතක් බවට පත් කිරීම ගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය බව උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්  මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන්  මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (2024/06/27) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර තුමිය ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කළාය.  විරැකියා ප්‍රශ්නයට විසඳුම් සහ ජීවනෝපාය ආධාර වැඩසටහන් පිළිබඳව  සඳහන් පල කරමින් අනෙකුත් පළාත් මෙන් උතුර ද ආර්ථික වශයෙන් දියුණු පළාතක් බවට පත් කිරීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව  සඳහන් කළාය.  මෙම වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා සැලසුම් කර ඇති බව ද ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය

ආර්ථික කලාප පිහිටුවීමත් සමඟ පලාලි ගුවන්තොටුපළ සහ කංකසන්තුරේ වරායේ සේවා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය.  එවැනි ව්‍යාපෘති තුළින් පළාතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය
වවුනියාව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යපෘති වල ප්‍රගතිය මෙන්ම එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලපාන ගැටළු විසඳීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්, පලාත් සභා ලේකම් වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය