උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ තවත් සුහද ජන හමුවක් අචුවේලියේදී පැවැත්විණි.

ඊයේ (2024.02.29) උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් යාපනය අචුවේලි ප්‍රදේශයේදී පැවැත්විණි. ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්ගේ ප්‍රධානත්වයෙන් අචුවේලි සෙන්තෙරේසා කාන්තා විද්‍යාලයේ ජන හමුව පැවැත්විණි.ප්‍රජා මධ්‍යස්ථාන රැසක නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් රැස්වීමට සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී මාර්ග අක්‍රමිකතා, පොදු ප්‍රවාහන සේවා නොමැතිකම, පුස්තකාල පහසුකම් නොමැතිකම, ගංවතුර අවධානම වැනි ගැටලු රැසක් සම්බන්ධයෙන් මහජනතාව ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය කනස්සල්ල පළ කළහ. මහජනතාවගේ ගැටලු රැසකට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ගරු ආණ්ඩුකාරතුමිය  පැවසීය. එමෙන්ම අනෙකුත් ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු ආකාරය පිළිබඳව පළාත් පාලන දෙපාර්තමේන්තුව හරහා තමන් දැනුවත් කරන බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
ගරු ආණ්ඩුකාරතුමිය සෘජුවම පැමිණ තම ගැටලු සාකච්ඡා කිරීම පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වන බව ගම්වාසීහු පැවසූහ. ආණ්ඩුකාරතුමිය පවසන පරිදි තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයිද ජනතාව විශ්වාසය පළ කළහ.