ඉංග්‍රීසි භාෂා සන්නිවේදන උතුරු පලාත් ජාතික වැඩසටහන ආරම්භ වෙයි

ඉංග්‍රීසිභාෂා සන්නිවේදනය පිලිබඳ උතුරු පළාත් ජාතික වැඩසටහන උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේදී අද (2024.03.04) ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සූම් (ZOOM) තාක්ෂණය  ඔස්සේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සම්බන්ධ වී  ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පැට්ට්‍රික් ටිරංජන්, යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති , ගුරුවරුන්, සිසුන් ඇතුළු පිරිසක්  සහභාගී වූහ.
මෙම ඉංග්‍රීසි පුහුණු පාඨමාලා වැඩසටහන උතුරේ ප්‍රාධමික අංශයේ සිසුදරුවන්ට හඳුන්වා දීමේ ජාතික වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර, මෙම වැඩසටහන හරහා පළමු ශ්‍රේණියේ සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීමට පුහුණුවක් ලබාදීමට නියමිතය.
මේ ආකාරයට පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවද ගරු ආණ්ඩුකාරතුමිය සූම් තාක්ෂණය ඔස්සසේ අදහස් පලකරමින් පවසා සිටි අතර  මව් භාෂාව මෙන් ම ජාත්‍යන්තරව පිළිගත් ඉංග්‍රීසි භාෂාව ද අත්‍යවශ්‍ය බවද ගරු ආණ්ඩුකාරතුමිය ප්‍රකාශ කළාය.

එමෙන්ම ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඉංග්‍රීසි භාෂාව දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් අද දින ආරම්භ කළ වැඩසටහනට සුබ පැතුම් එක් කරන බවටද උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමිය වැඩිදුරටත් පැවසුවාය.