ආණ්ඩුකාරවර(Governor)

සිසුන්ට පහරදී හිරිහැර කිරීමට ගුරුවරුන්ට කිසිවිටේකත් ඉඩ දිය නොහැකියි – උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගෙන් නිවේදනයක්

අධ්‍යාපනය ලබා දෙමින්  සිසු දරු දැරියන් පොහොසත් කළ යුතු  ගුරුවරුන් සිසුන්ට පහර දී අපයෝජනය කර රෝහල්වලට ඇතුළත් කිරීමේ සිදුවීම් මෑත කාලයේ වැඩි විය.  පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් මෙලෙස ක්‍රියා කළ ගුරුවරුන් පිළිබඳව විමර්ශනය කර පසුව ඔවුන් සේවයෙන් පහ කර ඇත. ඊයේ වාර්තා වූ සිද්ධීන් තුන සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් […]

සිසුන්ට පහරදී හිරිහැර කිරීමට ගුරුවරුන්ට කිසිවිටේකත් ඉඩ දිය නොහැකියි – උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගෙන් නිවේදනයක් Read More »

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නොමිලේ නිවාස වැඩසටහන පිළිබඳව ප්‍රතිලාභන් පෞද්ගලිකව මුණගැසී පැහැදිලි කිරීමක් අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි. .  ගරු ආණ්ඩුකාර තුමිය මේ බව පැවසුවේ 2024/04/03 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී නොමිලේ නිවාස යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.  වහලය මත සූර්ය පැනල යොදා ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම නිවාස

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයක් ඊයේ (02/04/2024) සවස යාපනය ඔස්මානියා විද්‍යාලයේ දී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය  මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූ අතර පසුව උත්සවය ඇමතූ ආණ්ඩුකාර තුමිය “නිරාහාරව සිටීම මානසික දෙයක් පමණක් නොව ශාරීරික සෞඛ්‍යයට ද වැදගත් දෙයක්

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ.

උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම සහ අක්ෂි  සුරක්ෂිත තාවය ව්‍යාපෘතියේ පළමු අදියර අනිද්දා (03) ආරම්භ කෙරේ.  ඒ අනුව හෙට සිට ප්‍රාදේශීය අධ්‍යාපන වැඩමුළු හරහා අක්ෂි සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.  මෙම වැඩසටහන  ආරම්භ කර වැඩසටහන යාපනයේ සිදු කෙරෙන අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ. Read More »

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ගරු උතුරු පළාත් ආණ්ඩුකාර  පී.එස්.එම්.චාල්ස් මහත්මිය ගේ සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.  මෙහිදී පසුගිය රැස්වීමේදී ගනු ලැබූ යෝජනාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර නව යෝජනා ද ඉදිරිපත් කෙරිණි.  මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පැවසුවේ අධි ආරක්‍ෂිත කලාපවල පිහිටි

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි Read More »

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාතේ පමණක් නොව මුළු රටේම කාන්තාවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි .කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬක් නැගීමට පෙර කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා නොපැකිළව ප්‍රකාශ කිරීමටත් ඒ සඳහා ආධාර ලබා ගැනීමටත් අවස්ථාවක් ලබාදිය යුතු බව  ද  ආණ්ඩුකාර තුමිය පවසයි .  යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සංවිධානය කරන ලද කාන්තා

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අද (2024.03.27)  හමුවී සාකච්ඡා වන නිරත  විය.යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරේ සිදු කර ඇති සහ දැනට කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය දැනුවත් කළේය.  උතුරු පළාතේ

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්. Read More »

Women Plus Bazaar 2024 ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද Women Plus Bazaar 2024 ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය.  කොළඹ ගාලු මුවදොර One Galle Face විශේෂිත වෙළඳසැල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශන ශාලාව අනෙකුත් අමුත්තන් සමඟ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය විසින් විවෘත කරන ලදී.  පසුව ඇය ප්‍රදර්ශන ශාලාවටද

Women Plus Bazaar 2024 ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි.

ගොවි ජනාතාවටත් පාරිභොගික හා ව්‍යාපාරික ජනතවටත් ඉමහත් සෙත සැලසෙන උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සංකල්පයකට අනුව නිර්මාණය කෙරුණු FARM TO GATE මෘදුකාංගය ජනගත කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදුවිය. මෙම FARM TO GATE මෘදුකාංගය භාගත කිරීමෙන් අද (22) දිනෙන් පසුව ජනතාවට ඉතා පහසුවෙන් සේවා ලබාගත හැකිවන අතර ඉන්

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි. Read More »

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි.

යාපනය දිස්ත්‍රීක්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන්. ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 02 ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ උතුරු පලාතේ 408 දෙනෙකු සඳහා සංඛේතාත්මකව ඉඩම් ඔප්පු ලබාදීම අද (22) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ. මීට සමගාමීව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පවතින අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි. Read More »