ආණ්ඩුකාරවර(Governor)

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික දීපාවලී උත්සවය ඊයේ (12) දින වව්නියාව කන්දසාමි හින්දු කෝවිල් පරිශ්‍රෙය්දී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි. ජාතික දීපාවලී උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි. ඊයේ පස්වරුවේ පැවති මෙම ජාතික […]

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී Read More »

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක

උතුරු පළාතේ ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සහ උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩසටහන් රැසක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අතර ඒ අතර ස්ථිර නිවාස 25,000ක් උතුරු පළාතේ ඉදිකිරීම සහ සූර්ය බලශක්තිය මගින් විදුලි බලය නිපදවීම ඇතුලු ව්‍යාපෘති ගණනාවක මූලික කටයුතු මේ

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක Read More »

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි

දුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්රධානය කිරීම අද  (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ. උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්යට ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු වැඩසටහනකදී නව විදුහල්පතිවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රධානය කෙරිණ. උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් නව විදුහල්පතිවරුන් පත්කොට තිබිණ. නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන් වන බව උතුරු පළාත් අධ්යාපන අමාත්යාංශය පවසයි.        

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි Read More »

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව ගියාය. යාපනයේ නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි. ඉන් අනතුරුව යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කල ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක Read More »

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

එකම ගමක් එකම රටක් සංකල්පය යටතේ දිස්ත්‍රීක්ක වශයෙන් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව 17 වන සාකච්ඡාව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යලයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවත්වුණි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , රාජ්‍ය අමාත්‍ය වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ද උතුරු පලාත්සභා ලේකම් වරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් Read More »

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධීව ක්‍රියාත්මක වන වැලි ජාවාරම් හා වනරක්ෂිත ඉඩම් නීතිවිරෝධීව එලි පෙහෙලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්වීමටත් එම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කොට සැකකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්න පියවර ගන්නා ලෙසට අද පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලදි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සහ

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර Read More »

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 22 දා මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය. ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක්  බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලදි. ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය”  ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. දීර්ඝකාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය. පුත්තලම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා වෙත සහ පුත්තලම දිස්ත්‍රික් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණ පිළිගැන්විණි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. මෙම අවස්ථාවට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්,  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.    

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි Read More »

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

උතුරු පලාතේ අබාධිත ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සහය ලබාදෙන බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. යුද්දය හා ස්වභාවික හේතූන් මත උතුරු පලාතේ විශාල ආබාධිත ජනතාවක් වව්නියාව, මන්නාර, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි ජීවත්ව සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් හඳුනාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලු ඊට අනුබද්ධිත රජයේ

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි. Read More »

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ළමා දින සැමරුම 2023.10.08 ඉරිදා පෙ.ව.8.30ට ඩෙල්ෆ්ට් දූපත ප්‍රාදේශීය සභාවට අයත් දේවා සංස්කෘතික ශාලාවේදී පැවැත්වේ. ඩෙල්ෆ්ට් දූපතහි පෙර පාසල් හතක බාලක බාලිකාවන් 137ක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ සිය භාර්යාව දූපත කලාපෙය් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන)

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023 Read More »

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර

උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම මේ වන විට ප්‍රමාණවත් වර්ෂාව ලැබීඇති බැවින් නියමිත වෙලාවට වගාකටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පලාතේ වී වගාව පමණක් නොව එලවළු ඵලතුරු ඇතුලු සෙසු බෝග කටයුතු සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර Read More »