සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය.

ගරු ආණ්ඩුකාරතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිර්මාණය කර සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය උතුරු පළාත් සභා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සංවිධානය යටතේ 28.10.2022 වන දින අච්චුවේලි සෙල්වනායගපුරමේදී පවත්වන ලදී.එම මධ්‍යස්ථානය උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් විවෘත කරන ලදී.

මෙම අවස්ථථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ ළමා පරිවාස අරක්ෂක සේවා දෙපාර්තමේන්තවේ ලේකම්, පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ ළමා පරිවාස අරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්,දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, විදුහල්පති සහතික ලැබූ අච්චුවේලි පාසල, දිස්‍ත්‍රික් ආයුර්වේද සම්බන්ධීකාරකරුවන්, කෛතඩි සිද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරි, නිලධාරින් සහ මහජනතාව සහභාගී වූහ.

ඉහත වැඩසටහන ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ පොල් තෙල් පහන් දෙල්වීමේ පුණ්‍යෝත්සවය සමඟ පෙ.ව 9.00 ට වෛද්‍යවරුන් නිලධාරින් සහ මජනතාව ඉදිරියේදී විවෘත කරන ලදී.ඉන් අනතුරුව මෙහි ප්‍රතිකාර ලබාගන්න පැමිණී පළමුවන රෝගියා අදාල ක්‍රියා පටිපාටියට අනුව අනුමත කරන ලදී.

යාපනය දිස්ත්‍රික් සිද්ධ රෝහලේ වෛද්‍ය අධීකාරි විසින් පිළිගැනීමේ කථාවක් පවත්වන ලදී.ඉන් අනතුරුව ජනතාව ඇමතූ ප්‍රධාන ලේකම්වරයා, වත්මන් කාලය තුල විශාල වශයෙන් මහජනතාව බටහිර ප්‍රතිකාර ක්‍රමයට වඩා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට යොමුවන අතර ඔවුන්ට මෙම සේවය යහපත් කර දීම අපගේ වගකීමකී ලෙසත් අපේ සාම්ප්‍රදාය වන මෙම අංශය ගොඩනැගීම සහ අරක්ෂා කිරීම අපේ යුතුකමක් ලෙස කීහ.

ඉන් අනතුරුව වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉහත ප්‍රතිකාර අංශයේ නිර්මාණය සහ දියුණුව පිළිබඳව පැහැදිලිකරීමේ දර්ශනය සහිතව ස්තුති කථාව සමඟ මෙම වැඩසටහන අවසන් වේ.