සාර්ක් චිත්‍රපට දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි.
සාර්ක් චිත්‍රපට දිනය -නිමිත්තෙන් 2024 සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අද (11/09/2024) යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගි විය. මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ නේපාල මහ කොමසාරිස් කාර්යාලය නිළධාරීන් විශ්වවිද්‍යාල සිසුන් සහභාගි වූහ.
මෙම අවස්ථාවට සහභාගි වූ ගරු ආණ්ඩුකාර තුමිය උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය. “සාර්ක් සංවිධානයේ සාමාජික රටක් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපට දීර්ඝ ඉතිහාසයක් ඇති සංස්කෘතියක් තිබෙනවා. අපේ කලාපයට හින්දු සහ බුද්ධාගම පිළිබඳ ඉතා වැදගත් දාර්ශනික ඉතිහාසයක් ඇත. එම දර්ශන ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබේ. ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ තීරණාත්මක ලක්ෂ්‍යයකි. උතුරේ සිනමා කර්මාන්තය කෙමෙන් දියුණු වෙමින් පවතී. මෙහිදී යාපනයේ මෙම උත්සවය පැවැත්වීම කාලයට උචිත බව පෙනේ. මෙය මෙහි සිනමා කර්මාන්තය පුනර්ජීවනය කිරීමට සහ දිරිගැන්වීමේ ආරම්භක සිදුවීමක් විය යුතුය. මෙම උත්සවය සංවිධානය කළ අයට ස්තූතිය පළ කරමි.