ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි.
ශ්‍රීලංකා ගුවන්හමුදාවේ ලබන මාර්තු 02 වනදාට යෙදෙන 73 වන සංවත්සරය මෙවර උතුරු පලාත කේන්ද්‍ර ගරගනිමින් යාපනය දිස්ත්‍රීක්කයේ අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන් අතරට යාපනය යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය , පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්, විනෝද ක්‍රීඩා, දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් ආදි විවිධ වැඩසටහන් ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් යාපනය දිස්ත්රීක්ය තුල පැවත්වීමට පියවර ගෙන තිබේ .
මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හා ශ්‍රීලංකාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (13) උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවතිණි.
මෙහිදී ආණ්ඩුකාරතුමිය සඳහන් කරේ මෙම වැඩසටහන් යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වීම පිළිබඳව සතුටු වන බවටත් ඒ සඳහා උපරිම සහය ලබාදෙන බවටත්ය.
ගුවන්හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තේන් මෙවරත් ශ්‍රීලංකා ගුවන් හමුදාවේ පාපැදි සවාරිය අදියර කිහිපයක් ඔස්සේ පැවත්වෙන අතර ගුවන් හමුදාවේ කටයුතු පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාගැනීම සඳහා ගුවන් යානා පිළිබඳ ප්‍රදර්ශනයක් මෙන්ම එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩසටහන්ද සංවිධානය කර තිබේ.
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ගුවන්හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ප්‍රදේශයේ ජනතාවටත් දරුවන්ටත් නව අත්දැකීමක් ලබාගත හැකි පරිදි 73 වන සංවත්සරය ඉතාම ඉහලින් සැමරීමට කටයුතු කරන බවටයි.