විශ්‍රාම ලත් ඉඩම් මිනින්දෝරුවන් ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි.

උතුරු පළාතේ දක්නට ලැබෙන ඉඩම් ගැටළු වල ප්‍රධානතම ගැටළුවක් වශයෙන් ඉඩම් මැනීම් සම්බන්ධ ගැටළු දක්නට ලැබෙන බවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා නිරීක්ෂණය කර ඇත. ඉඩම් මැනීම සඳහා ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවශ්‍ය සේවක සංඛ්‍යාවක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

එබැවින් ඉඩම් මැනීම් කටයුතු කඩිනම් කිරීම සඳහා විශ්‍රාම ලත් මිනින්දෝරුවන් උතුරු පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියේය.

කාර්යාල ලිපිනය – ඉඩම් දෙපාර්තමේන්තුව, උතුරු පළාත, 59, කෝවිල පාර, යාපනය.

දුරකථන අංකය – 0212220836