වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි

යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රධාන ශාලවේ ඉදිකිරීම් අද (06) ආරම්භ වූ අතර මාස 02 ක කාලයකදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඒයාර්වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මුග්ගල තබා ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය.

රුපියල් ලක්ෂ 80 ක මුදල අමුද්‍රව්‍ය සදහා පමණක් වන අතර ශ්‍රම දායකත්වය ගුවන් හමුදාව මගින් ලබාදෙයි.

1918 ජුනි 14 වනදා ආරම්භ කොට ඇති මෙම විද්‍යාලය ත්‍රස්තවාදී උවදුරු හේතුවෙන් 1990 ජූලි 16 වනදා ත්‍රිවිද හමුදා භාරයට ගත් අතර මෙම විද්‍යාලය පසුව නම්කරන ලද අධිආරක්ෂිත කලාපයට අයත් විය.

යුද්ධය නිමාවීමෙන් පසුව 2018 සැප්තැම්බර් 06 වන දින මෙම විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා යලි විවෘත්ත විය.‍

වර්ථමානයේ සිසුදරුවන් 150 ක් අධ්‍යාපනය ලබන අතර ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව මෙම විද්‍යාලයේ ඉදිකෙරෙන නව ප්‍රධාන ශාලාව දින 60 කින් ඉදිකිරීම අවසන් කිරීමට නියමිතව ඇත.

අද මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තඅමුත්තා වන උතුරු පලාත් ආණ්ඩුකා පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම විද්‍යාලයේ හිමිකාරීත්වය ඇති ඉඩමෙහි ඉතිරිව ඇති කොටසේ නීත්‍යානුකූල අයිතිය මෙම විද්‍යාලයට ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන බවයි.

ඒමෙන්ම ලබන වසර වන විට උතුරු පලාතේ අවතැන් යලි පදිංචි කිරීමේ කටයුතු සම්පූරණයෙන් අවසන් කිරීමටත් ඉඩම් ගැටලු සම්පූරණයෙන් නිරාකරණය කිරීමටත් කටයුතු කරන බව පැවසීය.

ඒසේම උතුරු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සදහා සැලුම්සහගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවද ආන්ඩුකාරතුමිය ප්‍රකාශ කලාය.