වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි.

යාපනය දිස්ත්‍රීක්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන්.
ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 02 ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ උතුරු පලාතේ 408 දෙනෙකු සඳහා සංඛේතාත්මකව ඉඩම් ඔප්පු ලබාදීම අද (22) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ.
මීට සමගාමීව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පවතින අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව සඳහා වගා කටයුතු කිරීම අරමුණුකොටගෙන බෙදාදීමද අද සිදුවිය.