වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් වඩමාරච්චියේදී පැවැත්විණි.උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුහද ජන හමුවක් පැවැත්විණි.
වඩමාරච්චි කලාපයේ අතුරු මාර්ගවල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරන ලදී.
මීට අමතරව ක්‍රීඩා පිටි සං සංවර්ධනය නොවීම, වීධිවලට විදුලි ආලෝකය නොමැතිකම, ප්‍රජා මධ්‍යස්ථානවල අවශ්‍යතා පිළිබඳව මහජනතාව විසින් ගරු ආණ්ඩුකාරතුමිය වෙත කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී.නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතා අවශ්‍යතා කඩිනමින් ඉටු කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. වඩමරාච්චි ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව සොයා බලා තොරතුරු රැස්කර ගරු ආණ්ඩුකාරතුමියගේ අවසරය ඇතිව යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බවද පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.