රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි

උතුරු පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික සේවකයන්ට  ඊයේ (2024/07/12) ස්ථීර පත්වීම් ලබා දෙන ලදී.  මෙලෙස 165 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි  යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි.

උත්සවය අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය.
ඉතා දිගු කලක් තිස්සේ බොහෝ අය තාවකාලික පදනමින් පළාත් පාලන ආයතනවල සේවය කරයි . ඔවුන්ට ස්ථිර පත්වීම් ලබාදීමට විශාල උත්සාහයක් ගත්තා.  අපගේ ඉල්ලීම පිළිගනිමින්  ගරු අගමැති තුමාත් ගරු ජනාධිපතිතුමාත් එය සපුරාලීමට සුදුසු පියවර ගත්තා.  ඒ දෙන්නටම මම ස්තුතිවන්ත වෙනවා.  165 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබාදීම සිදුකෙරෙනවා.  දිගුකාලීන අවශ්‍යතා වයක් සඳහා  අද විසඳුම් ලැබී තිබෙනවා.

ගරු අග්‍රාමාත්‍යතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මුලින්ම මෙම පත්වීම් ලබාදීම සදහා සහයෝගය ප්‍රකාශ කළේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය විසින් බවයි.  ආණ්ඩුකාර තුමියගේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද දින ස්ථීර පත්වීම් 165ක් ලබාදී ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.  ස්ථීර පත්වීම් ලබන සේවක සේවිකාවන් තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය