එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන සමුපකාර සංවර්ධන ඒකකයේ ප්‍රධාන නිලධාරිනී ලින්ඩා එරික් මහත්මිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය.
මෙම හමුව අද (2024.03.14) යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි.
මෙහිදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර රටවල සහයෝගිතාව සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බැවින් ඒවා නැවත ඒකාබද්ධ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන උපකාර විය යුතු බව ද ගරු ආණ්ඩුකාරතුමිය පැවසුවාය.
උතුරු පළාතේ පිරිසිදු පානීය ජලය ලබාගැනීම ගැටලුවක්ව පවතින බවත් රජයේ සියලුම දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් ගරු ආණ්ඩුකාරතුමිය දැනුම්දුන් අතර උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමු කරන ලදි.
ගරු ආණ්ඩුකාර තුමියගේ ඉදිරිපත්කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන සමුපකාර සංවර්ධන අංශයේ ප්‍රධාන නිලධාරිනී ලින්ඩා එරික් මහත්මිය පැවසුවේ උතුරේ සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සතුටු වන බවටත් රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධානවල සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත්ය.





