නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 5,320 ක සහන ණය පහසුකම යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශේෂ මධ්‍යස්ථානය අද (25) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි.
රට පුරා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ සහාය ඇතිව රජය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය, රටේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ජනතාවගේ ඉඩම් නිදහස් කළ බවත් රැකියා අවස්ථා ලබා දී ඇති බවත් ආර්ථික තත්ත්වය යහපත් වී ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් නායකයෙකු ලෙස ගරු ජනාධිපතිතුමා ආර්ථික අර්බුදය අභ්‍යන්තරව විසඳාගත නොහැකිව තිබියදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් ආර්ථික ප්රශ්නය විසඳා ඇති බවත් ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය. ශ්‍රේෂ්ඨ දූරදර්ශී චින්තනයකින් කටයුතු කරන රටේ නායකයාගේ ක්‍රියාදාමය උතුරු නැගෙනහිර ජනතාව පමණක් නොව රටේ සියලුම ජනතාව අමතක නොකළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය උත්සව සභාව අමතමින් පැවසීය.