යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන්

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් යාපනය දිස්ත්‍රික් සංස්කෘතික සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල අද (2024.01.30) උත්සවාකාරයෙන් පැවැත්විණි.
සංස්කෘතික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය.
ඒහිදී  විවිධ වූ සංස්කෘතික අංගවලින් සමන්විත සංස්කෘතික පෙරහැරකින් ආරාධිත අමුත්තන් සංස්කෘතික උළෙලට කැඳවාගෙන යනු ලැබීය.
උත්සව අවස්ථාවට සහභාගී වී සිට උතුරු පලාතේ ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට ගරු ආන්ඩුකාර තුමිය අතින් උපහාර පිරිනැමීමද මෙහිදී සිදු විය.
ඒහිදී උත්සව අවස්ථාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ ,
‘උතුරු පළාත ගත්විට උතුරේ ඉතා කාර්යක්‍ෂමව කටයුතු කරන සියලුම කලාකරුවන් හිස නමා ආචාර කරමින් ගෞරවනීය ප්‍රණාමය පුදකරන අතරම ඔවුන්‌ට අවශ්‍ය වටිනාකම දෙමින් ඔවුන් උතුරු පළාතේ ජීවත් කරවිය යුතු බවද උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය.
රටේ පැවති යුද වාතාවරණය සහ අනෙකුත් ස්වභාවික විපත් වලදී කලා ක්ෂේත්‍රය නගා සිටුවීමට වෙහෙස මහන්සි වූ කලාකරුවන්ට උපහාර දැක්වීමට ලැබීම සතුටට කරුණක් බවද උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.