යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් නිදහස් කළ ඉඩම්වලට මහජනතාවට ඇතුළුවීම සඳහා මාර්ග අවසර ලබා දෙයි

යාපනයේ තෙල්ලිපලෙයි ඔටගපුලම් ප්‍රදේශයේ මෑතකදී මුදා හරින ලද අක්කර 234.8 ක ඉඩම් කොටස් සදහා මහජනතාවට පිවිසීමට ප්‍රවේශ මාර්ග විවෘත කිරීමට සහ එම මාර්ග භාවිතයට ඉඩ සැලසීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අද (07/05/2024) සිය ආරක්ෂක වෙත දැනුම් දුන්නාය.අද ඔටගපුලම් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ගරු ආණ්ඩුකාර තුමිය නිදහස් කරන ලද ඉඩම්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඉඩම් හිමියන් සමඟ ද සාකච්ඡා කළාය.  යාපනය දිස්ත්‍රික් අතිරේක  අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ද මෙම සාකච්ජාවට එක් විය.

වාසවිලාන් නැගෙනහිර (J/244), වාසවිලාන් බටහිර (J/245), පලාලි උතුර (J/254), පලාලි නැගෙනහිර (J/253), පලාලි දකුණ (J/252) යන ග්‍රාම නිලධාරී කොට්ඨාස යටතේ අක්කර 234.8ක ඉඩම් මෑතකදී නිදහස් කරන ලදී.  මෙහි පදිංචි පවුල් 327ක් තම ඉඩම් හිමිකම් ලියාපදිංචි කර ඇති අතර ඒ අතරින් පවුල් 171ක් තම ඉඩම් සලකුණු කර එළිපෙහෙළි කිරීම ආරම්භ කර ඇත.

මෙහිදී නිදහස් කළ ඉඩම්වලට පහසුවෙන් ඇතුළු විය හැකි පරිදි මාර්ග විවෘත කර මාර්ග භාවිත කිරීමට ජනතාව අවසර ඉල්ලා සිටි බැවින් ගරු ආණ්ඩුකාර තුමිය ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර එම අවසරය ලබා දෙන ලදී.

ඒ අනුව නිදහස් කළ ඉඩමට පොන්නාලෙයි – පේදුරු තුඩුව වෙරළ පාරේ කන්නගි අම්මාන් කෝවිල් හන්දියෙන් නාගතම්බිරාන් කෝවිල් පාර හරහා ඇතුළු විය හැකිය.  එසේම, නිදහස් කරන ලද ඉඩමට වීරප්පලෙයි පාරේ පලාලි පාර දෙසට මීටර් 100 ක් දුරින් සහ  (ගුවන්තොටුපල පාර) හරහා වීරප්පලෙයි හන්දියෙන් දකුණට ඇතුළු විය හැකිය.