යාපනය ආනෙයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවර සංගමයේ නියෝජිතයන් පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (2024.02.08) යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ.
ඒහිදී ධීවරයින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල අතර ඔවුන් ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය ඉල්ලීම් මගින් පවසා සිටියේ කාකයිතිව් වෙරළ තීරයේ තමන්ට වෙන්කර ඇති ප්‍රදේශය එළිපෙහෙළි කර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිසි බලපත්‍රයක් ලබා දෙන ලෙසටය.
ආනෙයිකොට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවරයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර සුදුසු ක්‍රියායාමාර්ග ගන්නා බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
ආනෙයිකොට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවරයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර සුදුසු ක්‍රියායාමාර්ග ගන්නා බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
එමෙන්ම ධීවර වාඩිය පිරිසිදු කිරීමට තාවකාලික අවසරයක් ලබාගෙන ප්‍රාදේශීය සභාව හරහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය. අසල්වාසී ධීවර ගම්මාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙසටත් ඒම ගම්මානයන්හි වැසියන් සමග එක්වී සාමූහික වශයෙන් තමන්ගේ ඉල්ලීම් සිදුකරන්නේ නම් ඒම ගම්මානයන් වෙතටම තම්න්ට පැමිණ ධීවරයින්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතා පිළිබද සොයාබැලීමට හැකි බවටද උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය ආනයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවරයින්ට වැඩිදුරටත් පැවසුවාය