මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මුලතිව් මාන්කුලම්  රෝහලේ ඉදිකළ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පහ.එස්.එම්.චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කල නාදන්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත මහ කොමසාරිස් , උතුරු පළාත් ප්‍රධාන ලේකම්,  උතුරු පළාත් අමාත්‍යාංශ නිළධාරීන් ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය  ද සහභාගි වූහ.

මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 4,500 ක සහන ණය පහසුකම් යටතේ ඉදිකර ඇත.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණය තුළ,

* කෘතිම අවයව නිෂ්පාදන අංශය,
* මානසික සෞඛ්‍ය සංවර්ධන අංශය,
* ශාරීරික පුනරුත්ථාපන ඒකකය
* ශල්‍යාගාර,
* ළමා රෝග හා වයෝවෘද්ධ වෛද්‍ය අංශය
* විකිරණ අංශය,
* බාහිර රෝගී අංශය,
* හදිසි අනතුරු අංශය,
* සැත්කම්, නාරිවේද හා මාතෘ සායන
* රසායනාගාර පහසුකම්,
* දැඩි සත්කාර ඒකකය,
* පරිපාලන අංශය
ආදී අංශ රැසක් ඇතුලත් වේ

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය

“අඛණ්ඩව දින තුනක් උතුරු පළාතේ රැඳී සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාට ස්තුතියි.  අද උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.  මාන්කුලම් රෝහලේ අද විවෘත කරන ලද ඒකකය සඳහා පිරිස් අවශ්‍ය වෙයි.  මේ ප්‍රශ්නය ගැන මම ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමේ  ප්‍රතිඵලයක් විදියට  කාර්ය මණ්ඩලය 81 දෙනකු පත් කරන්න මට අවසර ලැබුණා.   ජනාධිපතිවරයා ලෙස රටේ වගකීම භාර ගනිමින් යහපාලන ආණ්ඩුවේ අගමැති ධුර කාලය තුළ වැපිරූ බීජ වල ඵල නෙලා ගැනීමට අද අවස්ථාව සැලසී තිබෙනවා.  එතුමාගේ විජයග්‍රහී ගමන  තුලින් ජනතා ගැටලුවලට තවත් විසඳුම් රැසක්  ලැබිම සතුට කරුණක්.