ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු 5400ක් ඊයේ (26/05/2024) ලබා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉඩම් හිමිකම් ඔප්පු අතට මාරුවීම, මුදල් වෙනුවට ලබා දීම, බැංකුවලට ඇප තබා තිබීම හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම යෝජනා ක්‍රමය යටතේ ඉඩම් හිමිකම් ඔප්පු ලබා ගැනීමට නොහැකි වී ඇති බව පැවසීය. කෙසේ වෙතත්, බැංකුවල උකස් කර ඇති ඉඩම් ඔප්පු සම්බන්ධයෙන් ජනාධිපති තුමා සමග සාකච්ඡා කර ඒවා විසඳීමට පියවර ගන්නා බව ද ගරු ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය. එබැවින් ජනාධිපතිතුමාගේ මෙම ව්‍යාපෘතිය උපරිමයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටීයාය.