ඉදිරියේදී පුහුණු සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් වළකින ලෙසත්, මෙතෙක් ලබා දී ඇති පුහුණුවෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියාය.
උතුරු පළාතේ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් රුපියල් මිලියන 3187.649 වියදමින් විවිධ පුහුණු වැඩසටහන් උතුරු පළාතේ සිදු කර ඇති බව උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය. එමෙන්ම පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් පළාත තුළ සිදුකළ හැකි කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී යෝජනා ඉදිරිපත් කරන ලදි.
උතුරු පලාතේ පළාතේ රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකරන සියලුම කටයුතු සඳහා සහයෝගය ලබාදීමට තම අමාත්‍යංශ සූදානම් බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධාරණය වූ කරුණ වූවේ ,
1. උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම දේශීය සහ ජාත්‍යන්තර ආයතන සම්බන්ධීකරණය කර ඒවායේ ක්‍රියාකාරකම් ලැයිස්තුගත කිරීම.
2. ආදායම් ඉපැයීමට ව්‍යාපෘති සහ ආයෝජන සැලසුම් කළ යුතුය.
3. පාසල් හැරයාම වැළැක්වීමට පියවර ගත යුතුය. නැවත පාසලට (BACK TO SCHOOL) වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
4. පසුගාමී ප්‍රදේශීය සභා සඳහා ආදායම් උත්පාදන යෝජනා ක්‍රම යෝජනා කිරීම.
05. කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර නව තාක්ෂණයන් භාවිතය දිරිමත් කළ යුතුය.
මීට අමතරව කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින් සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත්, කර්මාන්තයේ දියුණුව වර්ධනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය. එමෙන්ම මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සහ යෝජනා මාසයක් ඇතුළත ක්‍රියයාත්මක කරන ලෙසද උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය විසින් අදාල නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නාය.