පාසල් 151 කට ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ලබාදෙනු ලැබීය.

සියලු සම්පත් වලින් පිරිපුන් උතුරු පළාත ලංකාවේ අනෙකුත් පළාත් වලට ආධාර ලබා දිය හැකි පළාතක් වශයෙන් දිනක වෙනස් කිරීම මාගේ සහිනයකි. එම සිහිනය මා මෙහි බීජයක් ලෙසින් හැර යාමට කැමති බව උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පවසනු ලැබීය.

උතුරු පළාතේ තෝරාගත් පාසල් 151 කට ආදි ශිෂ්‍යයන් විසින් ක්‍රීඩා උපකරණ ලබා දීමේ උත්සවයක් 2019 පෙබරවාරි 28 වන දින ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සාවකච්චේරිය හින්දු විද්‍යාලයේ දී පවත්වනු ලැබිණ. මෙම උත්සවයට සහභාගි වූ ආණ්ඩුකාරතුමා ඉහත පරිදි ප්‍රකාශ කරනු ලැබීය.

උතුරු පළාතේ තේරීපත් වූ පාසල් 151 කට යාපනය හින්දු විද්‍යාලීය ආදි ශිෂයන්ගේ සිට්නි අංශය හා වෙනත් අංශද එක්ව රුපියල් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ප්‍රධානය කළහ.

මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා සම්ප්‍රදායානුකූලව පාසල් 05කට ක්‍රීඩා උපකරණ ප්‍රධානය කළේය.