පළාත් සෞඛ්‍ය පරිපාලනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළ යුතුයි – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය යාපනය ශික්ෂණ රෝහලේදී පවසයි

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය විවෘත කර වසර 5ක් පිරීම නිමිත්තෙන් අද (29/05/2024) සංවිධානය කළ උත්සවයකදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය

“වෛද්‍ය ක්ෂේත්‍රය විවිධ අභියෝග මධ්‍යයේ සිය සේවාවන් ඉදිරියට ගෙන යනවා.  ඒ වගේ ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් සඳහා වැඩි මුදලක් අවශ්‍යයි.  මෙහිදී යාපනය ශික්ෂණ රෝහලේ විවිධ ගැටලු මතුව තිබේ.  ඉඩකඩ මදිකම, ගොඩනැගිලි පහසුකම් මදිකම, සේවක හිඟය ඇතුළු ගැටලු රැසක් මධ්‍යයේ තමයි සේවා සැපයීමට සිදුව තිබෙන්නේ.  කෙසේ වෙතත් පළාතේ අනෙකුත් රෝහල්වල රෝගීන් සති අන්තයේ යාපනය ශික්ෂණ රෝහලට මාරු කරන නිසා රෝහල් පරිපාලනයට අමතර වියදම් දැරීමට සිදුවේ.  රෝගීන්ට ඔවුන්ගේ ප්‍රදේශයේ රෝහල්වල හොඳම ප්‍රතිකාර ලබා දිය යුතුය.  මේ නිසා රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද දුෂ්කරතාවට පත්ව සිටිති.  එබැවින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරිපාලනය මේ සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.  එසේ ම කිසිවකුට රාජ්‍ය ආයතනවලට අනවසරයෙන් ඇතුළු විය නොහැක.  එය දඬුවම් ලැබිය හැකි වරදකි.  යාපනය රෝහලේ පෙරේදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.    එම කරුණු සම්බන්ධයෙන් නිසි විමසීම් කර වැරදි නිවැරදි කළ යුතුයි.  ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමට මාධ්‍යයද අප හා එක්විය යුතුයි.  මාධ්‍යවේදීන් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරයි කියලා මම හිතනවා.”