‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’

කියවීමේ මාසය නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “පේඩකම්” එළිදැක්වීමේ උත්සවයක්  වඩමාරච්චි දකුණ බටහිර ප්‍රාදේශීය සභාවේදී පැවත්වුණි.
උතුසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී වූවාය.
මෙම උත්සවයේදී ඒලිදක්වන ලද ග්‍රන්තය ගරු ආණ්ඩුකාරතුමිය  අතින් එළිදැක්වූ අතර ඒහිදී රැස්ව සිටි පිරිස් අමතා විශේෂ දේශනයක් ද පවත්වන ලදී.
ගරු ආණ්ඩුකාරතුමිය මෙහිදී පවසා සිටියේ,
තරුණ පරපුර අතර කියවීමේ පුරුද්ද නොමැතිකම කණගාටුවට කරුණක් බවත්  ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම, ගම්මානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු විවිධ වගකීම් ප්‍රාදේශීය සභාවට සහ මහ නගර සභාවලට පැවරෙන බවටය.
ප්‍රාදේශීය සභා ස්වයං පාලන යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුය යන පදනම මත ජනාධිපතිවරයා විසින් යෝජනා ක්‍රම ගණනාවක් යෝජනා කර ඇති අතර ඒ සඳහා ඉදිරි වසර පහ තුළ ප්‍රාදේශීය සභා ස්වාධීනව ක්‍රියාකර තමන්ගේම ආදායමක් උපයා ගැනීම අවශ්‍ය වෙයි.
ජනාධිපතිතුමාගේ නිර්දේශය පරිදි සමාජ මධ්‍යස්ථාන හරහා ජනතා ගැටලු සහ ගම් මට්ටමින් සිදු කළ හැකි සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා සේස්ත්‍ර පර්යේෂණ සිදු කර ඇති බවද දේශීය නිෂ්පාදන අලෙවිය අමතක කර ගම්වාසීන් ජාත්‍යන්තර රටවලින් ආනයනය කරන භාණ්ඩ අලෙවි නියෝජිතයන් බවට පත්වීම කණගාටුවට කරුණක් බවද ආණ්ඩුකාරතුමිය පැවසීය.
මේ තත්ත්වය වෙනස් කළ විට ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති වෙනවා සේම මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි කාලය තුළ මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වැදගත් කාර්යයක් බවද ගරු ආණ්ඩුකාරතුමිය වැඩිදුරටත් පවසා සිටියාය.