දුරගමන් සේවාවල නිරත පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමට විසඳුම් ලබාදීමට කමිටුවක් පත් කෙරේ

යාපනයේ සිට දුරගමන් සේවාවල යෙදී සිටින පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමට නිසි විසඳුම් සෙවීම සදහා කමිටුවක් හෙට (01) දින  පත් කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය.
ගරු ආණ්ඩුකාරතුමිය මේ බව පවසා සිටියේ අද (2024.02.29) සවස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර වූ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පෞද්ගලික බස් රථද  යාපනයේ පිහිටුවා ඇති නව බස් නැවතුම්පොළෙන් දුරගමන් සේවා ආරම්භ කරන ලෙස බලකරමින් අද උදෑසන යාපනයේ විරෝධතාවක් පැවත්වුණි.
ගරු ආණ්ඩුකාරතුමිය වහා එම ස්ථානයට පැමිණ පෞද්ගලික බස් හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අද සවස් වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා විසඳුමක් ලබා දෙන බව ඒහිදී පැවසීය.
ඒ අනුව අද සවස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් කමිටුවක් පත් කරන ලෙස ගරු ආණ්ඩුකාර තුමිය උපදෙස් දුන්නාය.
මෙම තීරණය පිළිබඳව පෞද්ගලික බස් රථ හිමියන්ද දැනුවත් කළ ඔහු කියා සිටියේ හෙට දිනයේදී කමිටුවක් පත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි. යාපනයේ සිට දුරගමන් සේවාවල නිරත පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසුවේ ගරු ආණ්ඩුකාරතුමියගේ  තීරණය හේතුවෙන් තම ඉල්ලීම්වලට කෙටි කාලයක් තුළ විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව හෙට සිට වැඩවර්ජනය අතහැර සාමාන්‍ය ගමන්සේවා ආරම්භ කිරීමට නියමිත බවටයි.