දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි
ඉඩම් උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1286 දෙනෙකුට ඉඩම් උරුමය ඔප්පු ලබාදීමේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 372 දෙනෙකුට ඉඩම් ඔප්පු ප්රදානය කිරීම (24/06/2024) දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. යාපනය ෆාදර් සෙල්වා ශ්‍රවණාගාරයේ උත්සවය පැවැත්විණි.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්ද්රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඉඩම් බලපත්‍ර ගැටලුව විසඳීමට ගරු ජනාධිපතිතුමා කටයුතු කිරීම වටිනා කාර්යයක් බවයි . තමන්ගේ සිහින යක් සැබෑ කර වූ ව්‍යාපෘතියක් වන මෙම ඉතාමත් වැදගත් ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභීන් තම අනාගත පරපුරට මෙයින් ප්රතිලාභ හිමිවන අයුරින් ක්‍රියා කළ යුතු බව ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය. එමෙන්ම ඉදිරි දින දෙක ඇතුළත උතුරු පළාතේ 5000කට ඉඩම් උරුමය ඔප්පු ලබාදීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.