ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සලසා දෙන්න අපි උත්සාහ කරනවා. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

හොඳම කෘෂිකාර්මික පුහුණුව සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (2024/04/30) යාපනය, කයිතඩි, උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය.

ඉතා කෙටි කාලයක් තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන යටතේ ගොවීන් 2000ක් අන්තර්ග්‍රහණය කර ගැනීමට හැකිවීම විශිෂ්ට ක්‍රියාකාරකමක් බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.  නවීන කෘෂිකාර්මික තාක්ෂණයට අදාළ දැනුම මෙම ව්‍යාපෘතිය හරහා ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවද ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.

කෘෂිකර්මාන්තය ඇතුළු සෑම අංශයකම සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය යැයි සැලකිය යුතු බවත් ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාලය මධ්‍යම හා පළාත් අමාත්‍යාංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය

ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව බොහෝ අවස්ථාවල සාකච්ඡා නොකරන බවත්, මේ සම්බන්ධයෙන් සියලු දෙනාම කල්පනාකාරීව ක්‍රියා කළ යුතු බවත්   පැවසීය.  පොදු මහජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ කරන බවත්

මහජනතාවට ස්ථාවර හා වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම අවශ්‍ය බවත්, එවැනි ක්‍රියාමාර්ග සෑම දෙනාගෙන්ම අපේක්ෂා කරන බවත් උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කළාය