ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් සතුයි. – පේදුරු තුඩුව තොණ්ඩිමනාරු සිද්ධ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 යාපනයේ  පේදුරු තුඩුව තොණ්ඩිමනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද සිද්ධ  ආයූර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (09/07/2024) විවෘත කරන ලදී.  රුපියල් මිලියන 60ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.  ගොඩනැගිල්ල පිහිටා ඇති අක්කර 12 ක ඉඩම එම ප්‍රදේශයේ පදිංචි  අයෙකු විසින් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර තුමිය මෙසේද පැවසීය.
“ජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාවක් ලෙස සැලකුණ ආයුර්වේද සිද්ධ  ආයූර්වේද බෙහෙත් ශාලාව අද විවෘත කර තිබෙනවා.  මේ හරහා මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුවේවි කියලා මම විශ්වාස කරනවා.   මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍ය මූලික පහසුකම් සැලසීම උතුරු පළාතට කදිම ආදර්ශයකි.  දැනටමත් මෙහි වරායන් තුනක් පිහිටා තිබූ බවට සොයාගෙන ඇති  බව දන්නා කරුණකි.  වර්තමාන වරාය පසුව ඉදිකළ එකක්.  යාපනයේ රේගු කාර්යාලය ප්‍රතිසංස්කරණය කරන්න කියලා අපි ඉල්ලා සිටියා.  එබැවින් ඉහත අදහසට මම එකඟ වෙනවා.  එබැවින් ඓතිහාසික කලාපයක ජීවත් වීමට ලැබීම සතුටක්.  ඒ අතරේ මේ බිමේ අභිමානවත් පවුලක අයගේ උදව්වෙන් මේ රෝහල ඉදිකර විවෘත වෙනවා.  ජනතාව රාජ්‍ය නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.  රජයේ නිළධාරීන් සේවය කරන්නේ ජනතාව වෙනුවෙන්.  ඒ නිසා අපි කවදාවත් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න හිතන්න හොද නෑ .උතුරු පළාත් සෞඛ්‍ය  අමාත්‍යාංශය ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේ නික්මයාම හේතුවෙන් දැවැන්ත අභියෝගයක් මධ්‍යයේ.  අපේ ප්‍රදේශයෙන්  හෙද පුහුණුවට යන්නේ  අතලොස්සක් . එම නිසා පිට පළාත්වලින් පැමිණි බොහෝ පිරිසක් රෝහල්වල සේවය කරනවා . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ගැටලු ප්‍රකාශ කිරීමට දිනපතා මා වෙත පැමිණෙනවා . එහෙත් ඔවුන්ගේ හඬ නොතකා ආපසු හරවා යවා පළාතේ රාජ්‍ය සේවය තහවුරු කළ අවස්ථා බොහෝය.  උතුරු පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් 138 දෙනෙකුගේ පුරප්පාඩුවක් පවතිනවා..  මෙම පුරප්පාඩු පිරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිස් බලයක් නොමැත.  මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා.   රජයේ සේවකයන් සේවය කරන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමටයි.  කිසියම් සේවාවක් නිසි ලෙස ලබා ගත නොහැකි නම් අප හා සම්බන්ධ වී ඒවාට සුදුසු විසඳුම් ලබා ගන්න ඉඩකඩ තිබෙනවා.