චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ උපකර බෙදාහැරීමේ උත්සවය

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ රෝටරි සමිතිය විසින් ශල්‍යාගාරය සඳහා පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ ප්‍රධානය 10.10.2022 දින රෝහලේ වෛද්‍ය අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදෑසන 9.30 ට ආරම්භ විය.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා ලේකම් එස්.එම්.බන්දුලසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර අනෙකුත් ආරාධිත අමුත්තන් ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, තෙන්මරාට්චි සංවර්ධන සංගමයේ සාමාජිකයින්, රෝටරි සාමාජයේ සාමාජිකයින්, මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, වෛද්‍යවරුන්, හෙදියන් ,හෙද සිසුන් සෞඛ්‍ය කාර්ය සහයකයන්, මහ ජනතාව වැනි විශාල පිරිසක් ද ඊට සහභාගි වුහ.

 

උත්සවයෙන් අනතුරුව අමුත්තන් මල්මාලා පලඳවා පිළිගැනීමෙන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ගොඩනැගිල්ලේ නාම පුවරුව නිරාවරණය කිරීම සහ සාම්ප්‍රදායක ලෙස පටිය කපා නව ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කිරීම ද සිදු විය.ශල්‍යාගාරය සඳහා වෛද්‍ය උපකරණ ප්‍රධානය කිරීම් උත්සවය ද පැවැත්වේ.

මෙම අවස්ථාවේදී අමුත්තන් වේදිකාවට කැඳවාගෙන එනු ලැබූ අතර පොල් තෙල් පහන් දල්වා  ආගමික වැඩසටහනක්ද පැවැත්වේ.ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පිළිගැනීමේ කථාවක්ද ආරාධිත අමුත්තන්ගේ දේශනය සහ විශේෂ සඟරාවක් තිකුත් කිරීමද සිදු කරන ලදී.

මෙම උත්සවයේ අදහස් දැක්වූ චාවකච්චේරි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා “1932 ආරම්භ කරන ලද මෙම රෝහල විවිධ අභියෝගවලට හා විනාශයන්ට මුහුණ දෙමින් අදවනවිට සංවවර්ධන වී තිබීම ආඩම්භරවියයුතු කරුණකි.උතුරු පළාතට අයත් 118 රෝහල්වලින් යාපනය ශික්ෂණ රොහලේ පිහිටවී ඇති හදිසි ප්‍රතිකාර අංශයට පසු චාවකච්චේරි මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය ස්ථාපිත කිරීම විශේෂ කරුණකි”ලෙස පැවසු අතර මෙම අංශය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලයක් ලබා දෙන ලෙස ඹහු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ඉල්ලීම ඉදිරිපත් කළේ.   ‍

 

මෙම අවස්ථාව පිලිබඳව අදහස් දැක්වූ උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ “මෙම රෝහල දශක නවයකට වැඩි කාලයක් විවිධ ප්‍රදේශවල ජනතාවට සේවය කරන අතර ඒ සඳහා අවශ්‍ය ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම පිලිබඳව රෝටරි සමාජයට සහ උතුරු පළාත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ස්තුති පුද කරනවා”.ලෙස පැවසුහ.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත  අමුත්තා ලෙස සහභාගි වූ උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා “යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන දායකත්වය ඉතා ප්‍රශංසනීය ලෙසත්, මෑත කාලෙය් රිය අනතුර වැඩි වී ඇති අතර එම තත්වය සලකා බලා, රෝහලේ වැඩකටයුතු දැනට සිටින කාර්යමණ්ඩලය විසින් කළයුතු බවත් මෙම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම ලබා දෙන බවත් ඔහු පැවයීය එමෙන්ම සෞඛ්‍ය, කෘෂිකර්ම සහ අධ්‍යාපනයේ විවිධ වැඩසටහන් ඇති බවත් ඒවා සමාජ සංවර්ධනයට ඉවහල් වන බවත් ඔහු සඳහන් කළේය.එසේම ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදුකිරීමටද ඩයස්පෝරාවේ සහය අවශ්‍ය බවද වෛද්‍ය සේවා සඳහා ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම පිලිබඳව රෝටරි සමාජයට සිය කෘතඥතාව ද පළ කළේය.     .

රජයේ අරමුදල්, පරිත්‍යාගශීලින්ගේ ආයකත්වය, සහ උතුරු පළාත් සෞඛ්‍ය සංවර්ධන රෝහලේ පරිපාලකයින් අනෙකුත් නිලධාරීන් සහ ප්‍රජා හිතවතුන්ගේ කැපවීම මත මෙම ගොඩනැගිල්ල සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීම සිදු කරන ලදී.

හදිසි අනතුරු සහ සමාජ ප්‍රචණ්ඩත්වය ඉහල යමින් පවතින වත්මන් යුගයේ දී විපතට පත්වූ මිනිස් ජීවිත නියමිත වේලාවට හා නිසි ප්‍රතිකාර ලබා දී සදාකාලික ආබාධිත හා අනතුරුදායක තත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සෞඛ්‍ය අංශයේ මූලික යුතුකම වේ.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හදිසි අනතුරු වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා බහු කාර්යමණ්ඩල පිරිස් නිර්මාණය කිරීම සහ චහි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පිහිටුවා ඇති හදිසි අනතුරු අංශය පිළිබඳව ඉහල නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකල යුතු බවටද මෙහිදී ඉල්ලීමක් ද සිදුකිරීම විශේෂත්වයක්.

මේ ආකාරයට ගොඩනැගිල්ල විවෘත කිරීමට කටයුතු කළ සියලු යහපත් මිනිස්සුන්ට ස්තුතිය පුදකරමින් පස්වරු 12.00 ට උත්සව අවසන් විය.